ඔබ :

  • √ රැකියාවේ සාර්ථකත්වය අපේක්ෂාවෙන් සිටින්නෙක්ද?
  • √ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින්නෙක්ද?
  • √ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සිහින දකින්නෙක්ද?
  • √ පටන්ගත් ව්‍යාපාරයේ සාර්ථකත්වය අපේක්ෂා කරන්නෙක්ද?
  • √ ජීවිතයේ සාර්ථකත්වය අපේක්ෂා කරන්නෙක්ද?

එසේනම් “මෘදු කුසලතා” සංවර්ධනය කරගත යුතු බව ඔබ දන්නවාද?

මෘදු කුසලතා යනු මොනවද?

මෘදු කුසලතා යනු , පුද්ගල චරිත ලක්ෂණ හා අන්තර් පුද්ගල සබඳතා විෂයෙහි වඩාත් බලපෑමක් ඇති කරනු ලබන පුද්ගලික ගුණාංග වේ.

මෙම ගුණාංග  පුද්ගලයාගේ වෘත්තීය, ව්‍යාපාරික, සාමාජීය ආදී සෑම අංශයකම සාර්ථක අසාර්ථක භාවය තීරණය කිරීමට බලපාන ප්‍රධානම සාධකය වේ.

අපගේ මෘදු කුසලතා සහතික පත්‍ර පාඨමාලාවට සම්බන්ධ වීම තුළින් ඔබට

  1. වෘත්තීය සාර්ථකත්වය අපේක්‍ෂා කරන්නෙකු ලෙස, උසස් වීම් ලබා ගැනීමේ දී,
  2. නායකයෙකු ලෙස, තම කණ්ඩායම හා අනෙකුත් පිරිස් සමඟ වැඩ කිරීමේ දී,
  3. ව්‍යාපාරිකයෙකු ලෙස ගනුදෙනුකරුවන් හා තම කාර්යමණ්ඩලය සමඟ වැඩ කිරීමේ දී,
  4. ජීවිත සාර්ථකත්වය අපේක්‍ෂා කරන්නෙකු ලෙස,ජීවිත සාර්ථකත්වය ළඟා කර ගැනීමේ දී,

ඔබ විසින් සංවර්ධනය කරගත යුතු “අත්‍යවශ්‍ය මෘදු කුසලතා දහයක්” සංවර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

අපගේ මෘදු කුසලතා සංවර්ධන සහතිකපත්‍ර වැඩමුළුවේ සුවිශේෂතා.

ඕනෑම ආයතනයක ඉහළ කළමණාකාරීත්වය මෘදු කුසලතා ඉතා ඉහළින් අපේක්ෂා කරයි. අපගේ වැඩමුළුවට සහභාගී වීමෙන් ඔබට තරඟකාරී රැකියා වෙළඳපොලේ කැපී පෙනීම සඳහා අවශ්‍ය මෘදු කුසලතා 10ක් වැඩිදියුණු කරගැනීමට අවස්ථාව සැලසේ.

මෘදු කුසලතා සංවර්ධන පාඨමාලාව ඔබගේ වෘත්තීය ජීවිතය පමණක් නොව පෞද්ගලික ජිවිතයේද සාර්ථකත්වය අත්කර ගැනීමද අරමුණු කරගනිමිනි.

මෘදු කුසලතා සංවර්ධන පාඨමාලාව මාර්ගගතව(Online) මෙන්ම ස්ථානීය පුහුණුව (Physical) යන ක්‍රමවේදයන් දෙක ඔස්සේම පැවැත්වෙන බැවින් ඔබට පහසු ආකාරයකින් අපගේ වැඩසටහන් හා සම්බන්ද විය හැකියි.

මෘදු කුසලතා සංවර්ධන පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීන දේශක හා මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු මහතා ප්‍රමුඛ ක්ෂේත්‍රයේ පළපුරුදු දේශක මඩුල්ලක් විසිනි.

මෘදු කුසලතා සංවර්ධන පාඨමාලාව ශිෂ්‍ය කේන්ද්‍රීය පාඨමාලාවක් ලෙස ඔබගේ කුසලතා සංවර්ධනය වන ආකාරයෙන් පවත්වනු ලබයි.

කණ්ඩායම් ක්‍රියාකාරකම්, සිද්ධි අධ්‍යයන, ඉදිරිපත් කිරීම්, ගවේෂණ, ස්වයං ඇගයීම්, පුද්ගල සංවර්ධන සැලසුම් වැනි, ශිෂ්‍ය පාදක, කුසලතා පරිවර්තීය ක්‍රමවේද මෙහිදී භාවිත කරනු ලබයි.

වැඩසටහන පිළිබඳ තොරතුරු.

2024 ජූලි 27 වන දින සිට 

සෙනසුරාදා දින 10ක් ( අධ්‍යයන පැය 42ක් )

මාර්ගගත ක්‍රමය හා ස්ථානීය පුහුණුව (Online and Physical)

සිංහල ඉංග්‍රීසි මිශ්‍ර 

මාර්ගගත – 6.00 pm to 9.00 pm

ස්ථානීය – 9.00am to 4.00pm at Life Skill Academy

LKR 17,500/- (වාරික වශයෙන් ගෙවීම් කල හැක.)

අපගේ වැඩසටහනට සහභාගීවූවන්ගේ අදහස්

වැඩසටහනට ලියාපදිංචි වීම සඳහා...

වැඩිදුර විස්තර සඳහා..

Adithya – 070 150 2100 / softskills@lifeskillacademy.lk